යාපනය පොලිසිය විසින් පසුගිය 01 වනදා දියත් කරන ලද විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක ද සිටීම විශේෂත්වයක් වන අතර, ඔවුන් සියලු දෙනා ප්‍රමාණවත් සාක්ෂි සහිතව අත්අඩංගුවට ගත් බව පොලිසිය තහවුරු කරයි.
අත්අඩංගුවට ගත් කාන්තාව කේරළ ගංජා සහ මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිට ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත. උතුරු පළාත තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පොලිසිය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙම වැටලීම සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් අනෙකුත් පිරිස ප්‍රදේශයේ සිදුවූ විවිධ නීතිවිරෝධී ක්‍රියා සහ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් වේ.
මෙම සැකකරුවන් පිරිස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. ප්‍රදේශයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි විශේෂ මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව යාපනය පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.















