කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර අහසේ ප්‍රබල පිපිරුම් හඬවල් කිහිපයක් ඇසීමත් සමඟ කලාපීය නොසන්සුන්තාවය තවදුරටත් උග්‍ර වී තිබෙනවා. පසුගිය සෙනසුරාදා ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයේ සිට පැමිණි බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා රැසක් විනාශ කිරීමට තමන් සමත් වූ බව කටාර් රාජ්‍යය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. එමෙන්ම ඊයේ දිනයේදී කටාර් ගුවන් සීමාවට ඇතුළු වූ ඉරාන ප්‍රහාරක ජෙට් යානා දෙකක් බිම හෙලීමට ද එරට ගුවන් හමුදාව පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. මේ වන විට මුළු මැදපෙරදිග කලාපයම දැඩි යුදමය අවදානමක පවතින අතර, මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට සහ ආරක්ෂාවට එල්ල කරන්නේ දැඩි තර්ජනයක්.














