කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයට අනුව, අද (03) දිනයේද දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්වයක් පවතී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ උතුරු-මැද යන පළාත්වලත්, වවුනියාව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තු විය හැක. වියලි කාලගුණයත් සමඟ පවතින දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා වීමට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
















