මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් විදෙස් ගුවන්තොටුපොළවල සිරවී සිටින ශ්‍රී ලාංකික මගීන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට රජය පියවර ගනිමින් සිටින බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඊයේ (02) ප්‍රකාශ කළේය.
මැදපෙරදිග කලාපයේ ගුවන් ගමනාන්ත හැර සෙසු සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් මේ වන විට ආරම්භ කර ඇත. එංගලන්තය සහ ඇමෙරිකාව වැනි රටවල සිට මැදපෙරදිග හරහා (Transit) මෙරටට පැමිණීමට සිටි මගීන් සඳහා විකල්පයක් ලෙස තුර්කිය හරහා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට මේ වන විට සාකච්ඡා පවත්වමින් පවතී.
ගුවන් ගමන්වලට බාධා පැවතියද, ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවල ගමනාන්ත සඳහා මෙතෙක් කිසිදු බාධාවක් එල්ල වී නොමැති බව අමාත්‍යවරයා සහතික විය. විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත් විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව අඛණ්ඩව කටයුතු කරන බව රජය අවධාරණය කරයි.
















