ගම්පහ, බුත්පිටිය ප්‍රදේශයේ රහසිගතව ඩීසල් ලීටර් 400ක් සඟවාගෙන සිටි ව්‍යාපාරිකයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන හිඟයක් ඇතිවන බවට පැතිර යන කටකතා හේතුවෙන් ඉන්ධන රැස්කරන්නන් සොයා දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
ඊයේ (02) නිවාඩු දිනයක් වුවද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් ලක්ෂ 95ක් සහ ඩීසල් ලීටර් ලක්ෂ 84කට අධික තොගයක් බෙදා හැරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. මෙය දෛනික සාමාන්‍ය නිකුත් කිරීම් ප්‍රමාණය ඉක්මවා යාමකි.
අවශ්‍ය තරම් ඉන්ධන තොග පිරවුම්හල් වෙත නිකුත් කර ඇති බැවින්, අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී නොසිටින ලෙස සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඉන්ධන අනවශ්‍ය ලෙස රැස්කරන්නන් සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර, පිරවුම්හල් ආශ්‍රිතව ආරක්ෂාව සැපයීමට ත්‍රිවිධ හමුදාවේ සහාය ද ලබාගෙන තිබේ.














