කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතයි. අද දින විවාදයට ගැනීමට නියමිත කාලසටහන සහ ප්‍රධාන කරුණු මෙසේය:
පෙරවරු 9.30 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග යටතේ වන පාර්ලිමේන්තු කටයුතු, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ 27(2) යටතේ වන විශේෂ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. අද දින ප්‍රධාන විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන අතර එහිදී අංක 2467/67 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත විදේශ විනිමය පනත යටතේ වන නියමය විවාදයට ගැනීමට නියමිතව තිබේ.
අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය.














