ඉරානය සතුව පවතින න්‍යෂ්ටික ශක්තිය සහ මැදපෙරදිග කලාපයේ වත්මන් යුදමය තත්ත්වය පිළිබඳව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ඇමරිකානු නියෝජිතයින් පිරිසක් ෆොක්ස් පුවත් සේවය හරහා බරපතල අනාවරණයක නිරත වී තිබෙනවා. එහිදී හෙළි වී ඇත්තේ 60% දක්වා බලගන්වන ලද යුරේනියම් කිලෝග්‍රෑම් 460ක් ඉරානය සතුව පවතින බවත්, යම් හෙයකින් ඔවුන්ගේ විනාශ වූ පහසුකම් යළි සක්‍රිය කරගතහොත් දින 7ක් වැනි කෙටි කාලයක් තුළ න්‍යෂ්ටික බෝම්බ 11ක් නිපදවීමට ඔවුන්ට හැකියාව පවතින බවත්ය. ‘එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුම හරහා ඉරානයේ මෙම න්‍යෂ්ටික සහ මිසයිල තර්ජනයන් මුළුමනින්ම අක්‍රිය කිරීම ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ මූලික ඉලක්කය වී තිබෙනවා. පවතින පාලන තන්ත්‍රය වෙනස් කිරීම හරහා කලාපයට පෙර නොලූ විරූ සාමකාමී යුගයක් උදාවනු ඇතැයි නෙතන්යාහු විශ්වාසය පළ කරන අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි නායකත්වය යටතේ මෙම තීරණාත්මක අර්බුදය ඉතා කෙටි කාලයකින් අවසන් වනු ඇති බවයි වාර්තා වන්නේ.














