පාකිස්ථානය තුළ උද්ගතව ඇති “වත්මන් ආරක්ෂක තත්ත්වය” සැලකිල්ලට ගනිමින් ඉස්ලාමාබාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සහ ලාහෝර් හා කරච්චි යන නගරවල පිහිටි කොන්සියුලර් කාර්යාලවල සියලුම වීසා සම්මුඛ පරීක්ෂණ (Visa Appointments) වහාම අවලංගු කර තිබෙනවා. අල් ජසීරා පුවත් සේවයට අනුව මෙම තීරණය ලබන මාර්තු 6 වැනි සිකුරාදා දක්වා බලාත්මක වන අතර, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය ගැටුම් සහ අමෙරිකානු මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල විය හැකි තර්ජන හමුවේ මෙම පූර්ව ආරක්ෂිත පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර රියාද් නුවර අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමඟ කලාපයේ අනෙකුත් රටවල පිහිටි අමෙරිකානු දූත මණ්ඩල ද සිය ආරක්ෂාව උපරිම මට්ටමකට ඉහළ නංවා ඇති අතර, මෙය පාකිස්ථානයේ වෙසෙන දහස් සංඛ්‍යාත වීසා අයදුම්කරුවන්ට සෘජු බලපෑමක් එල්ල කර තිබෙනවා.














