වැලිවේරිය සහ කොළඹ ප්‍රදේශවල සිදුකළ විශේෂ වැටලීම් දෙකකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. මුලින්ම වැලිවේරිය, ඇඹරලුව උතුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග 45 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කොළඹ 12 ප්‍රදේශයේදී 60 හැවිරිදි අනෙක් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. දෙවන සැකකාරිය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් හාරලක්ෂ දසදහස් හාරසිය හැත්තෑවක (Rs. 410,470) මුදලක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව වැලිවේරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















