මහනුවර ඓතිහාසික මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන මාසික බත් දන්සල ඊයේ (02) මැදින් පුන් පෝය නිමිත්තෙන් සාර්ථකව පවත්වා තිබේ.
මෙය පවත්වනු ලැබුවේ අඛණ්ඩව 34 වැනි වතාවටයි. සෑම මසකම පුන් පෝය දිනකදී මහනුවර පූජා නගරයට පැමිණෙන බැතිමතුන් සහ මහජනතාව වෙනුවෙන් මෙම දන්සල සංවිධානය කරනු ලබයි.
බස්නායක නිලමේවරයා සඳහන් කරන පරිදි, එක් පෝය දිනකදී 10,000කට ආසන්න පිරිසක් මෙම දන්සලෙන් ආහාර ලබා ගනිති.
බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා සහ කතරගම දේවාලයේ ප්‍රධාන පූජක සෝමස්කන්ධ අයියර් තුමන් විසින් ජනතාවට ආහාර බෙදා දීම සඳහා සෘජුවම දායකත්වය ලබා දී ඇත.
















