වසර සියයකට වඩා පැරණි පෞරාණික වටිනාකමකින් යුත් කොළඹ පිහිටි ශ්‍රාවස්ති මන්දිරය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රයෝජනය සඳහා ලබා දීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ. කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 19 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත.
මෙම ඓතිහාසික ගොඩනැඟිල්ල මීට පෙර අවස්ථා කිහිපයකදීම විවිධ කාර්යයන් සඳහා භාවිත කෙරිණි. වසර ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස (Hostel) ලෙස භාවිත වූ මෙය, පසුව බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන කාර්යාලය ලෙස ද ක්‍රියාත්මක විය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ දැනට කුලී පදනම මත පවත්වාගෙන යන කාර්යාල කිහිපයක් ඉදිරියේදී ශ්‍රාවස්ති මන්දිරය වෙත ගෙන ඒමට සැලසුම් කර ඇති බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මේ හරහා රජයට වැය වන කුලී පිරිවැය අවම කර ගැනීමට ද අපේක්ෂිතය.















