දැනට පවතින ඉරාන-ඇමරිකානු යුදමය වාතාවරණය හමුවේ, Turning Point USA (TPUSA) සංවිධානයේ නිර්මාතෘවරයෙකු වූ දිවංගත චාලි කර්ක් විසින් මීට පෙර ඉරානය සම්බන්ධයෙන් දැක්වූ අදහස් ඇතුළත් වීඩියෝවක් එම සංවිධානය විසින් යළිත් ප්‍රසිද්ධ කර තිබේ. “ඔබ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අවංකවම උත්සාහ කරන්නේ නම්, ඔබ කළ යුත්තේ ඉරානය යළිත් බටහිර ලැදි (Western) රටක් බවට පත් කිරීමයි” යනුවෙන් එහි සඳහන් වේ.
පර්සියාව අතීතයේ ලොව බලවත්ම රාජ්‍යයක්ව පැවති බවත්, පසුව එය අයහපත් අතට හැරුණු බවත් ඔහු පෙන්වා දෙයි.
ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ඉරාන අගමැති මොසැඩෙක් (Mossadegh) බලයෙන් පහ කිරීමට ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය මැදිහත් වීම “වැරදි තීරණයක්” බව ඔහු විවේචනය කරයි.
ඉරාන විප්ලවය: එම වැරදි තීරණ හේතුවෙන් ඉරානය තුළ රැඩිකල් ඉස්ලාමීය මතවාද හිස ඔසවා 1979 විප්ලවය හරහා රටේ පාලනය අන්තවාදීන් අතට පත් වූ බව ඔහු සඳහන් කරයි. වර්තමාන ඉස්ලාමීය පාලනයට පෙර ඉරානය කෙතරම් නවීන සහ බටහිර ලැදි රටක්ව පැවතියේද යන්න පෙන්වන පැරණි ඡායාරූප කිහිපයක් ද මෙම වීඩියෝව මගින් ඔහු ඉදිරිපත් කර තිබේ.
චාලි කර්ක් 2025 වසරේදී ඝාතනයට ලක් වූ අතර, වත්මන් ඉරාන යුදමය තත්ත්වය තුළ ඔහුගේ මෙම පැරණි අදහස් මැගා (MAGA) ව්‍යාපාරයේ සාමාජිකයන් අතර දැඩි සංවාදයකට තුඩු දී තිබේ. බොහෝ දෙනා පවසන්නේ චාලි කර්ක් ජීවතුන් අතර සිටියේ නම් වත්මන් යුදමය ක්‍රියාමාර්ග පිළිබඳව ඔහුගේ අදහස කුමක් වනු ඇත්ද යන්නයි.
















