ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ තිබේ. මැදපෙරදිග පවතින උණුසුම් යුද වාතාවරණය සහ ඉන් මෙරට බලශක්ති ක්ෂේත්‍රයට හා ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විශේෂ අවධානයක් යොමුව ඇති පසුබිමක ජනාධිපතිවරයාගේ මෙම පැමිණීම සුවිශේෂී වේ.
විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සහ නොරොච්චෝලේ බලාගාරයේ වත්මන් තත්ත්වය පිළිබඳව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර උණුසුම් විවාදයක් පවතින මොහොතක, ජනාධිපතිවරයා සභා ගර්භය තුළ රැඳී සිටිමින් අදාළ කරුණු පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














