වත්මන් රජය ක්‍රියාත්මක කළ විධිමත් ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය තහවුරු කරමින්, 1957 වසරෙන් පසු ශ්‍රී ලංකාව වාර්තා කළ අඩුම අයවැය පරතරය 2025 වසරේදී සනිටුහන් කිරීමට හැකි වී තිබේ. දිවුලපිටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ, රජය විසින් ගනු ලැබූ නිවැරදි සහ දුරදර්ශී ආර්ථික තීරණ හේතුවෙන් මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කර ගැනීමට හැකි වූ බවයි. දශක හතකට ආසන්න කාලයකට පසු රාජ්‍ය මූල්‍ය විනය මෙලෙස ඉහළ මට්ටමකට ගෙන ඒම හරහා රටේ ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම වඩාත් පහසු වනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














