ඇමෙරිකානු ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් මහත්මිය අද (මාර්තු 03) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළාය. ගෝලීය අර්බුද හමුවේ කුඩා දරුවන් මුහුණ දෙන අභියෝග සහ ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමේ වැදගත්කම ඇය මෙහිදී අවධාරණය කළාය. ලෝක නායකයෙකුගේ බිරිඳක් ආරක්ෂක මණ්ඩලය ආමන්ත්‍රණය කරමින් මෙලෙස ප්‍රශංසාවට ලක් වූ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වේ.
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින සෘජු යුදමය ගැටුම් හෝ සිය සැමියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් හමුදාමය තීරණ පිළිබඳව ඇය සෘජුව අදහස් දැක්වීමෙන් වැළකී සිටියාය. එහෙත්, යුද්ධය නිසා බෙදී ගිය ලෝකය අනාගත පරපුර වෙනුවෙන් යළි එක්විය යුතු බවත්, සාමය උදෙසා සියලු රටවල් සාමූහිකව ක්‍රියා කළ යුතු බවත් ඇය පෙන්වා දුන්නාය. දකුණු ඉරානයේ මිනාබ්හි පාසල් දැරියන් 165 දෙනෙකු මියයෑමේ පුවත ලොව පුරා දැඩි කම්පනයක් ඇති කර තිබූ පසුබිමක ඇයගේ මෙම “දරුවන් සහ සාමය” පිළිබඳ කතාව ලෝක නායකයන්ගේ අවධානයට ලක් විය
මාර්තු මාසය සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය ඇමෙරිකාවට හිමිව තිබේ. එම සභාපතිත්වය යටතේ මෙලනියා ට්‍රම්ප් මහත්මියට මෙම අවස්ථාව හිමි වූ අතර, ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයෙකු ලෙස ඇමෙරිකාව පවතින යුදමය වාතාවරණය හමුවේ මෙවැනි මානුෂීය මැදිහත්වීමක් සිදු කිරීම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැදගත් පියවරක් ලෙස සැලකේ.














