කුරුණෑගල පිහිටි වයඹ පළාත් සභා සංකීර්ණය තුළ බෝම්බයක් පුපුරුවා හරින බවට අද (මාර්තු 03) අලුයම ලැබුණු නිර්නාමික පණිවිඩයක් හේතුවෙන් එම පරිශ්‍රය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
අද අලුයම 3.30 ට පමණ වයඹ පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත ද්‍රවිඩ භාෂාවෙන් ලියන ලද විද්‍යුත් තැපෑලක් (E-mail) ලැබී ඇත. එහි සඳහන්ව ඇත්තේ සයනයිඩ් පිරවූ විෂ බෝම්බයක් (Cyanide gas bomb) පළාත් සභා සංකීර්ණය තුළ ඇති බවත්, පෙරවරු 11.00 වන විට සියලුම නිලධාරීන් සහ සිවිල් වැසියන් පරිශ්‍රයෙන් ඉවත් කරන ලෙසත්ය.
මෙම පණිවිඩය ලැබීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, විශේෂ කාර්ය බලකාය (STF) සහ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් පොලිස් සුනඛයන් ද යොදාගෙන සම්පූර්ණ පරිශ්‍රය පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. ආරක්ෂක හේතූන් මත කාර්යාල නිලධාරීන් සියලු දෙනා තාවකාලිකව ගොඩනැගිලිවලින් ඉවත් කර ඇති අතර, පරිශ්‍රය පරීක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ සහය ද ලබාගෙන ඇත.
මෙම පණිවිඩය එවන ලද මූලාශ්‍රය හඳුනාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සයිබර් අපරාධ අංශයේ සහය ද ලබාගැනීමට පොලිසිය තීරණය කර තිබේ.















