අපයෝජන චෝදනාවලට වරදකරු වූ ජෙෆ්රි එප්ස්ටයින්ගේ සිදුවීම් සම්බන්ධයෙන් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධීක්ෂණ කමිටුව හමුවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ලබාදුන් සාක්ෂිවල වීඩියෝ දර්ශන මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබේ. පැය හතරකට වඩා වැඩි කාලයක් පවතින මෙම වීඩියෝ දර්ශන දෙක මගින් පසුගිය සතියේදී මොවුන් දෙපළ රහසිගතව ලබාදුන් සාක්ෂි පිළිබඳ තොරතුරු අනාවරණය වේ.
එප්ස්ටයින් විසින් සිදුකළ අපරාධ පිළිබඳව තමන්ට මීට පෙර කිසිදු දැනුමක් තිබූ බවට එල්ල වන චෝදනා ක්ලින්ටන් යුවළ මෙහිදී දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත. එප්ස්ටයින් සමඟ පැවති සම්බන්ධතා සහ ඔහුට අයත් දූපත් වෙත සිදුකළ සංචාරයන් පිළිබඳව කමිටුව විසින් මෙහිදී ප්‍රශ්න කර ඇති අතර, මෙම වීඩියෝ දර්ශන ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ අමෙරිකානු දේශපාලන කරළිය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. අදාළ සාක්ෂි මගින් එප්ස්ටයින්ගේ අපරාධ ජාලයට සම්බන්ධ අනෙකුත් ප්‍රභූන් පිළිබඳව යම් තොරතුරක් අනාවරණය වේද යන්න පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය දැඩි අවධානයෙන් පසුවේ.
















