ප්‍රසිද්ධ රූපවාහිනී නිවේදිකා සවානා ගුත්‍රීගේ (Savannah Guthrie) 84 හැවිරිදි මව වන නැන්සි ගුත්‍රී අතුරුදන් වී මාසයක් ගතවන මොහොතේ, ඇයගේ දරුවන් විසින් ටක්සන්හි (Tucson) පිහිටි නිවස ඉදිරිපිට අතිශය සංවේදී සමරු සටහනක් තබා තිබේ. ඇරිසෝනාහි පිහිටි ඇයගේ නිවස අසල ප්‍රජාව විසින් ඉටිපන්දම් සහ මල් තබා නිර්මාණය කර ඇති මෙම ස්මාරකය අසලදී සවානා සහ ඇයගේ සහෝදර සහෝදරියන් මෙම පණිවිඩය තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.”අම්මේ, අපිට ඔබව ගොඩක් මතක් වෙනවා! අපේ හදවත් බිඳිලා! අපි මේ ඉන්නේ අළු මත, පිළිස්සුණු පොළොවක් මතයි! නමුත් අම්මේ, අපි වටා මෙතරම් අන්ධකාරයක් සහ අවිනිශ්චිතතාවයක් තිබුණත්, අපේ ආදරය දීප්තිමත්ව බැබළෙනවා.”
NBC නාලිකාවේ ටොම් ලාමාස් (Tom Llamas) වාර්තා කළ පරිදි, මාර්තු 02 වැනිදා සවානා ගුත්‍රී, ඇයගේ සොහොයුරිය වන ඇනී සහ මස්සිනා වන ටොම්මාසෝ සිය මවගේ නිවස අසලට පැමිණ මෙලෙස ගෞරව දක්වා ඇත. 84 හැවිරිදි නැන්සි ගුත්‍රී අතුරුදන් වී මේ වන විට මාසයකට අධික කාලයක් ගතවී ඇතත්, ඇය පිළිබඳ කිසිදු නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.
ප්‍රදේශයේ ජනතාව ද මෙම ස්ථානයට පැමිණ ඡායාරූප, ඉටිපන්දම් සහ කාඩ්පත් තබමින් පවුලේ සාමාජිකයන්ට සිය සහයෝගය පළ කරමින් සිටිති. මෙය අතිශය හැඟීම්බර අවස්ථාවක් වූ අතර, සිය මව වෙනුවෙන් තබා ඇති විවිධ උපහාරයන් කියවන අතරතුර පවුලේ සාමාජිකයන් එකිනෙකා වැළඳගෙන සිටිනු දක්නට ලැබුණි.
















