නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මහත්මිය සිය පවුල සමඟ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචියට යාම පිළිබඳ පුවතත් සමඟ නවසීලන්තය මුහුණ දී සිටින දැඩි ‘බුද්ධි ගලනය’ (Brain Drain) පිළිබඳ විවාදය යළිත් දැඩි වී තිබේ. සිඩ්නි නුවර උතුරු වෙරළ තීරයේ නිවාස සොයමින් සිටියදී ඇයව නෙත ගැටුණු බව වාර්තා වීමෙන් පසු ඇගේ කාර්යාලය ද මෙම පදිංචිය මාරු කිරීම තහවුරු කර ඇත. ආර්ථික පසුබෑම, ඉහළ ජීවන වියදම සහ නිවාස හිඟය වැනි බරපතළ ගැටලුවලට මුහුණ දී සිටින නවසීලන්තයේ දක්ෂතම වෘත්තිකයින් වාර්තාගත ලෙස රට හැර යාමේ ප්‍රවණතාවක් පවතින අතර, හිටපු අගමැතිනියගේ මෙම තීරණය බොහෝ දෙනෙකු දකින්නේ එම රට හැර යාමේ රටාවේ සංකේතයක් ලෙසයි. ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ සංක්‍රමණික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ඇලන් ගම්ලන් පවසන්නේ ජසින්ඩාගේ මෙම නික්මයාම සමහර පාර්ශ්වයන් විසින් සිය මව් රට අත්හැර යාමක් ලෙස අර්ථකථනය කරනු ඇති බවයි.















