විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමේ පළමු තීරණාත්මක සටන හෙට (04) කොල්කටා නුවර ඓතිහාසික ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙහිදී අපරාජිත දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම එකිනෙකා හමුවීමට නියමිතය. තරගාවලිය පුරා කිසිදු පරාජයක් නොලබා අතිශය ප්‍රබල ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කළ දකුණු අප්‍රිකානු පිල මෙවර ශූරතාව දිනා ගැනීමේ ප්‍රධානතම අවධානය දිනාගත් කණ්ඩායම බවට පත්ව සිටියි. රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම සුවිශේෂී තරගයට පෙර දෙපිලේම ක්‍රීඩකයින් අද (03) රාත්‍රියේ සිය අවසන් පුහුණු සැසි සඳහා සහභාගී වීමට නියමිතය. ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමට වෙර දරන දකුණු අප්‍රිකාවට, අත්දැකීම් බහුල නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වන අභියෝගය සුළුපටු නොවන බව ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.














