ඉරාන ගුවන් සීමාව තුළ මෙහෙයුම්වල නිරතව සිටි ඊශ්‍රායල ගුවන් හමුදාවට (IAF) අයත් ප්‍රහාරක යානයක් ඉලක්ක කර එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් එම යානය ඉතා සූක්ෂ්ම ලෙස බේරී යන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අද (මාර්තු 03) නිකුත් කර තිබේ.
ඊශ්‍රායල ගුවන් හමුදාවේ නිල ‘X’ ගිණුම (IAFsite) හරහා බෙදාගෙන ඇති මෙම දර්ශනවල, ප්‍රහාරක යානය දෙසට මිසයිලයක් වේගයෙන් ඇදී එන ආකාරය පැහැදිලිව දැකගත හැකිය. එම අවස්ථාවේදී යානය පදවන ගුවන් නියමුවා “තවත් මිසයිලයක් එල්ල කළා” (Another launch) යනුවෙන් සිය පාලන මැදිරිය දැනුවත් කරන අයුරු ද එහි ශ්‍රවණය වේ. මිසයිල ප්‍රහාරයෙන් බේරීම සඳහා ඔහු වහාම යානය ඉහළ අහසට (Climbing over the skies) මෙහෙයවන ආකාරයත්, ඉතා අවධානම් සහගත ලෙස එම ප්‍රහාරයෙන් යානය මුදාගන්නා ආකාරයත් වීඩියෝවේ සටහන්ව ඇත.














