ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය මැදපෙරදිග කලාපය පුරා ව්‍යාප්ත වීම පිළිබඳව ඉන්දියාව සිය දැඩි කනස්සල්ල පළ කර ඇති බව අද (මාර්තු 03) වාර්තා විය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ, මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර නොවී සමනය කර ගැනීම (De-escalation) අත්‍යවශ්‍ය බවයි.
බටහිර ආසියානු කලාපයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් ගල්ෆ් කලාපීය රටවල වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානු ජාතිකයින්ගේ ආරක්ෂාව පිළිබඳව ඉන්දියාව සිය විශේෂ අවධානය යොමු කර ඇත. යුද්ධය හේතුවෙන් කලාපීය ආරක්ෂාවට මෙන්ම ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති තර්ජනය පිළිබඳව ද ඉන්දියාව මෙහිදී පෙන්වා දී තිබේ. මීට පෙරද ඉන්දියාව මැදපෙරදිග ගැටුම්කාරී පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගන්නා ලෙසයි.
ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද සිය ශ්‍රමිකයන් විශාල පිරිසක් මැදපෙරදිග කලාපයේ සේවය කරන බැවින්, මෙම යුදමය වර්ධනයන් දකුණු ආසියානු රටවලට සෘජු බලපෑමක් එල්ල කරයි.














