කටුනායක, කුරණ ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි වෙළඳසැලක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස විදේශීය සිගරට් අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු රද්දොළුගම පොලීසිය විසින් සිදුකළ හදිසි වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය විසින් අදාළ වෙළඳසැල පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද තීරුබදු රහිත විදේශීය සිගරට් 17,600ක තොගයක් සොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් එක්ලක්ෂ හැටපන්දහසක් පමණ වන බව වාර්තා වේ.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු මෙම සිගරට් තොගය සිය වෙළඳසැලට පැමිණෙන ගුවන් හමුදා නිලධාරීන් වෙතද රහසිගතව අලෙවි කිරීමට කටයුතු කර ඇති බවයි. අත්අඩංගුවට ගත් 48 හැවිරිදි සැකකරු කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු හෙට (04) දින මීගමුව අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.














