කලාපීය ආරක්ෂාව පිළිබඳ පවතින උග්‍ර තත්ත්වය හමුවේ යුරෝපා සංගමයේ (EU) සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) විදේශ අමාත්‍යවරුන් අතර විශේෂ වීඩියෝ සාකච්ඡාවක් එළඹෙන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතය. මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ගල්ෆ් කලාපයේ බලශක්ති පද්ධති, විදුලිබල ජාල සහ පානීය ජලය සපයන මුහුදු ජලය පිරිපහදු කරන මධ්‍යස්ථාන (Desalination plants) වැනි අතිශය සංවේදී යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් මතුවීම මෙයට හේතුවයි.
අල්ජසීරා පුවත් සේවයට අනුව, මීට පෙර හවුති හෝ හිස්බුල්ලා වැනි සන්නද්ධ කණ්ඩායම් කෙරෙහි පමණක් අවධානය යොමු කළ ගල්ෆ් රටවලට දැන් සෘජු රාජ්‍ය මට්ටමේ ප්‍රහාරවලට මුහුණ දීමට සිදුව ඇත. ඉරානයේ නව නායකත්වය තේරීමේ ක්‍රියාවලිය සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මුළු කලාපයම දැඩි අවදානමකට ලක්ව ඇති බැවින් මෙම සාකච්ඡාව තීරණාත්මක වනු ඇත. ගල්ෆ් කලාපයේ බලශක්ති සැපයුම අඩාල වීම ලෝක ආර්ථිකයට මාරක පහරක් විය හැකි බැවින් යුරෝපා සංගමය මේ සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී තිබේ.














