කොළඹ – පිළියන්දල 120 ප්‍රධාන මාර්ගයේ රත්තනපිටිය ප්‍රදේශයේදී අද (මාර්තු 04) උදෑසන සිදුවූ රිය අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ. පොලිසිය පවසන්නේ මේ හේතුවෙන් පිළියන්දල සිට කොළඹ දෙසට වන මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි.
කුඩා ලොරි රථයක් සහ පාසල් බස් රථයක් එකිනෙක ගැටී ඇති අතර, අනතුරෙන් පසුව වාහනයක් මාර්ගය අසල වූ විදුලි කණුවක ද ගැටී ඇති බව වාර්තා වේ. උදෑසන කාර්යබහුල වේලාවක මෙම අනතුර සිදුවීම නිසා රැකියා සඳහා යන පිරිස් සහ පාසල් දරුවන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
පොලිසිය විසින් රථවාහන පාලනය කිරීමට පියවර ගෙන ඇති අතර, හැකි ඉක්මනින් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටී. මෙම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දන්වා සිටියි.














