දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටම දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) දත්තවලට අනුව කොලොන්නාව, කෝට්ටේ, කෑගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය මෙලෙස පිරිහී තිබේ.
මෙම තත්ත්වය විමසා බැලීමේදී, වායුගෝලයේ පවතින අංශු මාත්‍ර ද්‍රව්‍යවල (PM 2.5) සාන්ද්‍රණය ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුව වී ඇත. විශේෂයෙන් කුඩා දරුවන්, වැඩිහිටියන් සහ ශ්වසන රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු අතර, පිටත ගැවසීමේදී මුඛ ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කිරීම වැදගත් වේ.














