පසුගිය ඉරිදා ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ අමෙරිකානු සේවා සාමාජිකයන් හය දෙනාගෙන් සිව්දෙනෙකුගේ අනන්‍යතාව පෙන්ටගනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම සෙබළුන් සිව්දෙනාම අයෝවා ප්‍රාන්තය පදනම් කරගත් අමෙරිකානු හමුදා රක්ෂිත බලකායේ 103 වන සැපයුම් අණසක යටතේ සේවය කළ අය වෙති.
කපිතාන් කෝඩි කොර්ක් (වයස 35), පළමු පන්තියේ සැරයන් නෝවා ටයිට්ජන්ස් (වයස 42), පළමු පන්තියේ සැරයන් නිකොල් අමෝර් (වයස 39) සහ සැරයන් ඩෙක්ලාන් කෝඩි (වයස 20) යන නිලධාරීන් මෙලෙස මියගොස් ඇත. අනෙක් සෙබළුන් දෙදෙනාගේ තොරතුරු මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැත.
CNN පුවත් සේවයට අනුව මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇත්තේ කුවේට් හි ෂුවයිබා (Shuaiba) වරායේ පිහිටි තාවකාලික උපක්‍රමික මෙහෙයුම් මධ්‍යස්ථානයකටයි. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී කිසිදු අනතුරු ඇඟවීමේ සංඥාවක් හෝ සයිරන් හඬක් නිකුත් වී නොමැති අතර, එම මධ්‍යස්ථානයට ඉහළින් එල්ල වන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට අවශ්‍ය ආවරණ පද්ධතියක් (Overhead protection) නොතිබීම හේතුවෙන් හානිය දැඩි වී ඇති බව වාර්තා වේ. ආරක්ෂිත බංකර වෙත යාමට සෙබළුන්ට කාලයක් නොලැබීම මෙම මරණ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ.














