කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි විදුලි ට්‍රාන්ස්ෆෝමරයක අද (මාර්තු 04) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. අද දෙරණ වාර්තාකරු පවසන පරිදි මෙම ගින්න විනාඩි 20ක පමණ කාලයක් අඛණ්ඩව පැවතී ඇති අතර, ඉන් ට්‍රාන්ස්ෆෝමරයේ කොටසකට සැලකිය යුතු හානි සිදුව ඇත.
ගින්න පිළිබඳ තොරතුරු විමසා බැලීමේදී, සිද්ධියත් සමඟ ප්‍රදේශයේ වැසියන් සහ කාර්යාල සේවකයන් අතර දැඩි කලබලකාරී ස්වභාවයක් හටගෙන තිබේ. කෙසේ වෙතත්, වහාම ක්‍රියාත්මක වූ කළුතර මහ නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ ලෙකෝ (LECO) ආයතනයේ සේවකයින් එක්ව ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත්ව ඇත.














