අමෙරිකාව සහ ඉරානය අතර පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ, බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට (RAF) අයත් F-35B ප්‍රහාරක යානා විසින් ජෝර්දාන ගුවන් සීමාව ආක්‍රමණය කළ නියමුවන් රහිත ඩ්‍රෝන යානා කිහිපයක් වෙඩි තබා බිම හෙළා ඇත. බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (අඟහරුවාදා) මෙම පුවත නිල වශයෙන් තහවුරු කළේය.
මෙය බ්‍රිතාන්‍ය F-35 වර්ගයේ ප්‍රහාරක යානයක් ක්‍රියාන්විතයකදී ඉලක්කයක් විනාශ කළ පළමු අවස්ථාව ලෙස වාර්තා වේ. අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර සහ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයෙන් පසු මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ මෙම මෙහෙයුම දියත් කර තිබේ.
ජෝර්දානය ආරක්ෂා කිරීමේ අරමුණින් සිදුකළ මෙම මෙහෙයුම සඳහා RAF ටයිෆූන් (Typhoon) ප්‍රහාරක යානා සහ වොයේජර් (Voyager) ගුවන් ඉන්ධන පිරවුම් යානා ද සහාය ලබා දී ඇත. බ්‍රිතාන්‍යයේ සහ එහි මිත්‍ර පාර්ශවයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා මෙම ආරක්ෂක පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.














