දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද ‘Survival’ ව්‍යාපෘතියේ පළමු අදියර වන ‘මනු සවිය’ වැඩසටහන පසුගිය දෙසැම්බර් මාසයේදී සාර්ථකව නිමවා තිබේ. ස්වභාවික විපත් හමුවේ අසරණ වූ සහෘද ජනතාව නඟාසිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ මෙම මානුෂීය මෙහෙයුම හරහා ආපදාවට ලක්වූවන්ගේ දෛනික ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දී ඇත.
මෙහිදී විශේෂයෙන්ම ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ නාත්තණ්ඩිය ප්‍රදේශයේ ජනතාව වෙත අවධානය යොමු කර තිබූ අතර, ඔවුන්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් වූ විදුලි උපකරණ ලබාදීම මෙහිදී සිදු කෙරිණි. මීට අමතරව කුණාටුවෙන් සහ ගංවතුරෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ නිවසක් සම්පූර්ණයෙන් පිළිසකර කර දීමට ද ලියෝ සමාජයේ සාමාජිකයින් කටයුතු කර තිබීම සුවිශේෂී වේ.
මෙම සද්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ද සිය පූර්ණ දායකත්වය සහ මඟපෙන්වීම ලබා දී තිබේ. තරුණ ප්‍රජාව පෙරමුණ ගෙන ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය මඟින් ස්වභාවික විපත් හමුවේ පීඩිත ජනතාවට අභිමානයෙන් නැඟී සිටීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට හැකි වී ඇත.














