ඇමරිකානු-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම පස්වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, අද (04) උදෑසන සිට ඊශ්‍රායලය පුරා ගුවන් ප්‍රහාරක සයිරන් නාද වෙමින් පවතින බව වාර්තා වේ. ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ජෙරුසලම සහ ටෙල් අවිව් ඇතුළු ප්‍රධාන නගරවල ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ඊශ්‍රායල බලධාරීන් උපදෙස් දී ඇත.
ඊශ්‍රායල ආරක්ෂක පද්ධති මගින් පැමිණෙන මිසයිල මර්දනය කිරීමට උත්සාහ කරන අතරතුර නගර කිහිපයකින් ප්‍රබල පිපිරුම් හඬවල් ඇසී තිබේ. කෙසේ වෙතත්, ඊශ්‍රායල හදිසි වෛද්‍ය සේවාවන් පවසන පරිදි මෙතෙක් ජීවිත හානි පිළිබඳ නිල වාර්තා ලැබී නොමැත. මේ අතර, ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයේ විවිධ ස්ථාන ඉලක්ක කර ගනිමින් සිය ප්‍රහාර තවදුරටත් දැඩි කර ඇත.
ඉරානය ද සිය ප්‍රතිප්‍රහාර කලාපයේ අනෙකුත් ගල්ෆ් රටවල් කරා ව්‍යාප්ත කර ඇති අතර, මෙය සමස්ත මැදපෙරදිග කලාපයම යුද බියෙන් ඇලලී ගිය තත්ත්වයකට පත් කර තිබේ. යුද්ධය ව්‍යාප්ත වීමත් සමඟ ගෝලීය ගුවන් ගමන් අවුල් සහගත වී ඇති අතර, බොහෝ රටවල් සිය වැසියන්ට මැදපෙරදිග සංචාරයෙන් වැළකී සිටින ලෙසට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.














