බටහිර රටවල අතිශය ජනප්‍රිය එහෙත් මතභේදයට තුඩු දී ඇති බ්‍රිතාන්‍යය පාදක කරගත් ‘OnlyFans’ වෙබ් අඩවිය චීනය තුළ නිල වශයෙන් තහනම් කිරීමට බීජිං පාලනය පියවර ගෙන තිබේ. ලිංගික දර්ශන සහ අසභ්‍ය අන්තර්ගතයන් සඳහා ප්‍රසිද්ධ මෙම වේදිකාව තහනම් කිරීමට තීරණය කර ඇත්තේ, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් දියත් කර ඇති “සදාචාර විරෝධී සහ පිරිහුණු බටහිර සංස්කෘතික ආක්‍රමණයට” එරෙහි සටනේ තවත් එක් පියවරක් වශයෙනි. චීන රජය අවධාරණය කරන්නේ තරුණ පරපුරේ සදාචාරය ආරක්ෂා කිරීම සහ චීන සංස්කෘතික අනන්‍යතාවය රැක ගැනීම සඳහා මෙවැනි අන්තර්ගතයන් රට තුළ ක්‍රියාත්මක වීමට ඉඩ දිය නොහැකි බවයි.
චීන අන්තර්ජාල නියාමන ආයතන පෙන්වා දෙන්නේ ‘OnlyFans’ වැනි වෙබ් අඩවි හරහා ප්‍රචාරය වන අසභ්‍ය දර්ශන මගින් චීන පවුල් සංස්ථාව සහ සමාජ සාරධර්ම බිඳවැටීමේ අවදානමක් පවතින බවයි. මීට පෙර ද බටහිර සමාජ මාධ්‍ය ජාලා රැසක් චීනය තුළ තහනම් කර ඇති අතර, නව නීතිරීති යටතේ අන්තර්ජාලය හරහා සිදුවන ඕනෑම ආකාරයක අසභ්‍ය ප්‍රකාශන හුවමාරුවකට එරෙහිව දැඩි දඬුවම් පැනවීමට බීජිං බලධාරීන් සූදානම් වේ. මෙම තහනම චීන සයිබර් අවකාශය පිරිසිදු කිරීමේ (Clean Internet Campaign) පුළුල් මෙහෙයුමක කොටසක් ලෙස සැලකේ.
බටහිර රටවල බොහෝ පිරිසක් මෙම පියවර පුද්ගල නිදහසට එල්ල වූ බාධාවක් ලෙස විවේචනය කළද, චීනය පවසන්නේ ජාතික ආරක්ෂාව සහ සදාචාරය තහවුරු කිරීම රජයක පරම වගකීමක් බවයි. මෙම තහනමත් සමඟ චීනය තුළ ‘OnlyFans’ වෙත පිවිසීමට භාවිතා කළ VPN මෘදුකාංග සහ අනෙකුත් තාක්ෂණික ක්‍රමවේදයන් ද නියාමනය කිරීමට රජය පියවර ගෙන තිබේ. චීනයේ මෙම තීරණය අනෙකුත් ආසියානු රටවල ද අවධානයට ලක්ව ඇති අතර, අන්තර්ජාල සදාචාරය පිළිබඳ නව කතිකාවතක් මේ හරහා නිර්මාණය වී ඇත.
















