කළුතර ප්‍රදේශයේ නිවාස කිහිපයක් බිඳ රුපියල් ලක්ෂ 22කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ දේපළ සොරාගත් 37 හැවිරිදි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 02 වැනිදා මීඅත්ත වත්ත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 500ක් සමඟ මොහු මුලින්ම කොටු වී ඇත.
පොලිසිය සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොහු විසින් මෑතකදී ගමගොඩ සහ කිතුලාව ප්‍රදේශවල නිවාස හතරක් බිඳ මෙම මහා පරිමාණ කොල්ලයන් සිදුකර ඇති බවයි. සැකකරු විසින් සොරා ගන්නා ලද රුපියල් ලක්ෂ 10ක රන් භාණ්ඩ සහ ලක්ෂ දෙකක මුදල් සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර, ඇතැම් රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානවල තිබියදී සොයාගෙන තිබේ.
මින්නේරිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු, සොරාගන්නා මුදල් සූදුවට (බූරු ගැසීමට) සහ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොදාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත. කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සාර්ථක වැටලීම සිදුකරන ලදී.














