සමාජ ආරක්ෂණ දායකත්ව බදු (Surcharge Tax) සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව අද (04) නිල වශයෙන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම නව සංශෝධනයට අනුව, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි විය යුතු වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කර ඇත. මෙම නව බදු සංශෝධනය එළඹෙන අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
මීට අමතරව, මෙම නව පනත් කෙටුම්පත මඟින් මෝටර් වාහන (Motor Vehicles) සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ. රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සහ සමාජ සුභසාධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම මෙම බදු සංශෝධනයේ ප්‍රධාන අරමුණ වී ඇත. පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීම හරහා මීට පෙර මෙම බද්දට යටත් නොවූ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැසක් අලුතින් බදු දැලට හසු වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
















