දේශීය බඩඉරිඟු අස්වැන්න වෙළෙඳපොළට නොලැබෙන කාලසීමාවන් තුළ පමණක්, දේශීය ගොවීන්ට අගතියක් නොවන පරිදි සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට මෙහිදී අවසර හිමි වේ. මෙම ක්‍රියාවලිය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කෙරෙන අතර බඩඉරිඟු මිල තීරණය කිරීම සඳහා ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමට ද නියමිතය.














