වසර දහහතරකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පාඨක විශ්වාසය දිනාගත් මව්බිම දිනපතා පුවත්පත හෙට සිට මුද්‍රිත පිටපතක් ලෙස නිකුත් නොවන අතර එය පූර්ණ ඩිජිටල් පුවත් සේවාවක් ලෙස පමණක් ක්‍රියාත්මක වීමට තීරණය කර ඇත. පාඨකයන් පුවත් පරිභෝජනය කරන ආකාරය වේගයෙන් වෙනස් වෙමින් පවතින පසුබිමක මෙම තීරණය ගෙන ඇති බවත් නවීන තාක්ෂණය ඔස්සේ වඩාත් වේගවත් හා විශ්වසනීය පුවත් සේවාවක් ලබා දීම මෙහි අරමුණ බවත් එම ආයතනය පවසයි. කෙසේ වෙතත් සෑම සති අන්තයකම ප්‍රකාශයට පත් කෙරෙන ඉරිදා මව්බිම පුවත්පත සුපුරුදු පරිදි මුද්‍රිත මාධ්‍යයෙන් අඛණ්ඩව පාඨකයන් අතට පත් කිරීමට කටයුතු කරන බව පාලනාධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.














