අලි ඇතුන්, වල් ඌරන් සහ රිලවුන් වැනි වන සතුන්ගෙන් සිදුවන භෝග හානි හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව ආරක්ෂා කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. මෙම ගැටලුව කළමනාකරණය කිරීම සඳහා මහජනතාව, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ පරිසරවේදීන්ගේ අදහස් ද ලබාගෙන සකස් කළ යෝජනා සමාලෝචනය කිරීමට අමාත්‍ය කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදී. ග්‍රාමීය ජීවනෝපායන් සහ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි එල්ල වී ඇති මෙම බරපතල තර්ජනය අවම කිරීම රජයේ මූලික අපේක්ෂාවයි.














