මෙරට සිදුවන මාර්ග අනතුරු, හෘදයාබාධ සහ ආඝාත වැනි හදිසි තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ‘හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධති අධ්‍යක්ෂ කාර්යාලයක්’ පිහිටුවීමට අනුමැතිය හිමි විය. පවත්නා සීමිත සෞඛ්‍ය සේවාවන් ඒකාබද්ධ කර ප්‍රමිතිගත ව්‍යූහයක් යටතේ ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි. මෙම නව කාර්යාලය මඟින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර මාර්ගෝපදේශ සහ සම්බන්ධීකරණ කටයුතු වඩාත් ශක්තිමත් කෙරෙනු ඇත.














