ඉන්දීය සුප්‍රසිද්ධ රැප් ගායක යෝ යෝ හනි සිං (Yo Yo Honey Singh) මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ තමන් ඩුබායි නගරයේ ඉතා ආරක්ෂිතව සිටින බව සිය රසිකයන්ට දැනුම් දී තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ප්‍රවෘත්ති මඟින් පැතිරෙන “මෝඩ කටකතාවලට” රැවටිය යුතු නැති බවත්, ඩුබායිහි ජීවිතය ඉතා සාමාන්‍ය පරිදි ගලා යන බවත්ය.
හනි සිං සිය ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම හරහා ඩුබායිහි පටිගත කිරීමේ මැදිරියක (Recording Studio) වැඩ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පළ කරමින් පවසා සිටියේ, “අපි ඩුබායිවල ආරක්ෂිතයි, වැඩ කරමින් ඉන්නවා” යනුවෙනි. ඉන් අනතුරුව ඔහු ශීෂා පාර්ලර් (Shisha parlour) එකක විවේකීව සිටින ඡායාරූපයක් ද පළ කරමින්, ඩුබායිහි කිසිදු බියක් නොමැති බවත් සියල්ල සාමාන්‍ය පරිදි සිදුවන බවත් අවධාරණය කළේය.
හනි සිං සහ ඩුබායි නගරය අතර ඇත්තේ වසර දහයකට වඩා පැරණි සමීප සබඳතාවකි. ඔහු සිය මානසික සෞඛ්‍ය ගැටලු සහ ඇබ්බැහිවීම්වලින් මිදී යළිත් සිය සංගීත ජීවිතය ගොඩනඟා ගැනීමට ඩුබායි නගරය විශාල පිටුවහලක් වූ බව මීට පෙර පවසා තිබේ. රුපියල් 140ක (දිර්හාම්) කුඩා හෝටල් කාමරයක සිට රෝල්ස් රොයිස් (Rolls-Royce) රථයක් දක්වා පැමිණි සිය ගමන් මඟට ඩුබායි ලබා දුන් ශක්තිය ඔහු නිතර අගය කරයි.
ලෝකය පුරා නොසන්සුන්තා පැවතිය ද සංගීතය නතර නොවන බව පවසන හනි සිං, මේ දිනවල සිය නවතම ගීත නිර්මාණ සඳහා කාලය වැය කරන බව පවසයි. පසුගිය මාස කිහිපය තුළ ඔහු ‘De De Pyaar 2’ සහ ‘Housefull 5’ වැනි චිත්‍රපට සඳහා සිය දායකත්වය ලබා දී ඇති අතර, ඉදිරියේදී ලෝක සංචාරයක් සඳහා ද සූදානම් වෙමින් සිටී.














