2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක පළමු අවසන් පූර්ව තරගය අද (04) රාත්‍රී 7:00 ට කොල්කටා හි ඊඩ්න් ගාඩන්ස් (Eden Gardens) ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසෙනු ඇත.
ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් පූර්ව වටයේදී නිතරම අවාසනාවන්ත ලෙස පරාජය වන දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර එම ශාපය බිඳ දමා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට දැඩි උත්සාහයක නිරත වනු ඇත. අනෙක් පසින් නවසීලන්ත කණ්ඩායම ද සිය ස්ථාවරත්වය සහ දක්ෂතාවය යොදා ගනිමින් ලෝක කුසලානය දිනා ගැනීමේ සිහිනය කරා ගමන් කිරීමට බලාපොරොත්තු වේ. ඊඩ්න් ගාඩන්ස් පිටිය පන්දුවට පහර දෙන්නන්ට මෙන්ම දඟ පන්දු යවන්නන්ට ද යම් සහයක් දක්වන බැවින් තරගය ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි විචාරකයෝ පවසති.













