මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය සහ ගුවන් සීමා වසා තැබීම හේතුවෙන් ඩුබායි වෙත සහ ඩුබායි සිට ක්‍රියාත්මක වන සියලුම කාලසටහන්ගත ගුවන් ගමන් ලබන මාර්තු 07 වනදා දක්වා තවදුරටත් අත්හිටුවීමට එමිරේට්ස් (Emirates) ගුවන් සමාගම තීරණය කර තිබේ. කලාපීය රටවල් කිහිපයක් සිය ගුවන් සීමාවන් සඳහා පනවා ඇති සීමාවන් තවදුරටත් දීර්ඝ කිරීම නිසා මෙම පියවර ගත් බව එම සමාගම අද (04) පස්වරුවේ නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
කෙසේ වෙතත්, තත්ත්වය යහපත් මට්ටමක පවතින ඇතැම් සීමිත ගුවන් මාර්ග කිහිපයක පමණක් ගුවන් ගමන් මෙහෙයුම් සිදු කිරීමට එමිරේට්ස් සමාගම පියවර ගෙන ඇත. ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් අපහසුතාවයට පත්වන මගීන්ට ඒ පිළිබඳව දැනුවත් කරන බවත්, ආරක්ෂිත තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත් එම සමාගම වැඩිදුරටත් පවසා සිටියි. මෙම තත්ත්වය ලොව පුරා ගුවන් ප්‍රවාහන ජාලයට සහ විශේෂයෙන්ම මැදපෙරදිග හරහා ගමන් කරන මගීන්ට විශාල බලපෑමක් එල්ල කර තිබේ.














