ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගේ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා නුදුරු අනාගතයේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (04) ප්‍රකාශ කළේය. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ නීති රීති, පරිපාලනය සහ අනෙකුත් අදාළ අංශයන්හි ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට රජය සූදානම් බවයි.
“ඔබ ක්‍රිකට් වලට ආදරෙයි, මමත් ක්‍රිකට් වලට ආදරෙයි, අපේ රටේ බහුතරයක් පුරවැසියන් ක්‍රිකට් වලට ආදරෙයි, ජනාධිපතිතුමා පවා ක්‍රිකට් වලට ආදරෙයි. ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්කම් සිදු කිරීමට අනාගතයේදී පියවර ගන්නවා,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ පවතින ගැටලු නිරාකරණය කරමින් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරන බව පෙනී යයි.














