ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි සිදුවූ සැලකිය යුතු වෙනස්වීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ද රන් මිල ගණන් අද (04) හිටිහැටියේම පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම තත්ත්වය අනුව ඊයේ (03) රුපියල් 388,500ක් ලෙස වාර්තා වූ “කැරට් 22” රන් පවුමක මිල අද පෙරවරුව වන විට රුපියල් 13,000කින් පමණ අඩු වී රුපියල් 376,500ක් දක්වා පහළ බැස තිබේ. පවතින ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ වුවද, ජාත්‍යන්තර රන් වෙළෙඳපොළේ මිල ගැලපීම් දේශීය මිල කෙරෙහි මෙලෙස සෘජුව බලපා ඇති බව පෙනී යයි.














