ඉරානය සමඟ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායල ආර්ථිකයට සිදුවන හානිය සතියකට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් වැනි අතිදැවැන්ත අගයක් දක්වා ඉහළ යා හැකි බව එරට මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ආරක්ෂක වියදම් ශීඝ්‍රයෙන් ඉහළ යාම, නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වීම සහ ව්‍යාපාරික කටයුතුවලට එල්ල වී ඇති බාධා මෙම මූල්‍ය අලාභයට සෘජුවම බලපා ඇති බව නවතම වාර්තා මගින් පෙන්වා දෙයි. දීර්ඝකාලීනව මෙම ගැටුම පැවතුණහොත් ඊශ්‍රායලයේ මූල්‍ය ස්ථාවරත්වයට මෙන්ම දළ දේශීය නිෂ්පාදිතයට ද බරපතළ හානි සිදුවිය හැකි බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවන අතර, පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එරට ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රය ද දැනටමත් දැඩි පසුබෑමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














