ශ්‍රී ලංකාවට නුදුරු ඉන්දියන් සාගරයේදී ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ යුද නෞකාවට ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කර එය ගිල්වා දමන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ඇමරිකානු හමුදාව විසින් මීට සුළු මොහොතකට පෙර ප්‍රසිද්ධ කර තිබේ. ඇමරිකානු සබ්මැරීනයක් මගින් දියත් කරන ලද මෙම ප්‍රහාරය දෙවන ලෝක යුද්ධයෙන් පසුව සබ්මැරීනයක් විසින් යුද නෞකාවක් ඉලක්ක කර එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාරය ලෙස ආරක්ෂක විශ්ලේෂකයෝ හඳුන්වති. මෙම ප්‍රහාරයෙන් ඉරාන නාවිකයන් 150කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට දැනට සැක කෙරෙන අතර, මෙය කලාපීය ආරක්ෂාව සහ ජාත්‍යන්තර නාවික ගමනාගමනය කෙරෙහි දැවැන්ත බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














