මෙහෙයුම් ආරම්භයේ සිට මේ දක්වා ඉරානයට අයත් යුද සහ සැපයුම් නෞකා 20කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කිරීමට හෝ ඒවා මුහුදුබත් කිරීමට තමන් සමත් වූ බව අමෙරිකානු ආරක්ෂක අංශ නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඊයේ රාත්‍රියේ දියත් කරන ලද ප්‍රහාර මාලාවකින් පසු ඉරාන නාවික හමුදාව සතු ඉතා දියුණු ‘සුලෙයිමානි’ (Soleimani-class) වර්ගයේ යුද නෞකාවක් ද විනාශ වූ නෞකා ලැයිස්තුවට එක් වූ බව අමෙරිකාව පවසයි. මෙම ගැටුම්කාරී තත්ත්වය ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාව දක්වා ද ව්‍යාප්ත වී ඇති අතර, ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී ද ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට අමෙරිකානු ප්‍රහාරක අංශ සමත්ව ඇත. කෙසේ වෙතත් තම නාවික බලඇණියට එල්ල වී ඇති මෙම දැවැන්ත හානිය සම්බන්ධයෙන් ඉරාන රජය මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් හෝ ප්‍රතිචාරයක් දක්වා නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.














