ඇමරිකාව සහ ඉරානය අතර පවතින දරුණු යුදමය ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ප්‍රථම ඇමරිකානු සෙබළුන් කවුරුන්දැයි ඇමරිකානු හමුදාව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය ඉරිදා (01) කුවේටයේ ‘පෝර්ට් ෂුඅයිබා’ ප්‍රදේශයේ පිහිටි විධාන මධ්‍යස්ථානයකට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙම සෙබළුන් හය දෙනා මියගොස් ඇති අතර, ගුවන් ආරක්ෂණ පද්ධති මගහරිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන් වේ. මුලින් මරණ සංඛ්‍යාව තිදෙනෙකු ලෙස වාර්තා වුවද, තුවාල ලැබූවන් මියයාම සහ සුන්බුන් අතර තිබී තවත් සිරුරු හමුවීමත් සමඟ එම සංඛ්‍යාව හය දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර කැප්ටන් කොඩි කෝක් (35), සර්ජන්ට් නෝවා ටීට්ජන්ස් (42), සර්ජන්ට් නිකොල් අමෝර් (39) සහ සර්ජන්ට් ඩෙක්ලාන් කෝඩි (20) යන නිලධාරීන් සිටින බව ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් තහවුරු කර තිබේ. මේ අතර කුවේටයේදී සිදුවූ වැරදීම් සහගත “Friendly fire” තත්ත්වයක් මත තම ප්‍රහාරක යානා තුනක් කඩා වැටුණු බව ඇමරිකාව පිළිගෙන ඇති නමුත්, ඉරාන මාධ්‍ය පවසන්නේ එම යානා තමන් විසින් වෙඩි තබා බිම හෙළූ බවයි.














