නාවුල – ඇලහැර – පල්ලේගම – හෙට්ටිපොළ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් තිරිංග අක්‍රීය වීම හේතුවෙන් පාලනය කර ගත නොහැකිව පසුපසට ධාවනය වී මාර්ගය අසල තිබූ කන්දක ගැටීමෙන් පසුගිය මාර්තු 03 වනදා පස්වරු 3.30 ට පමණ අනතුරක් සිදුව තිබේ. වාසනාවකට මෙන් මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති වුවද, ලොරි රථයට දැඩි හානි සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම මාර්ගයේ පවතින බෑවුම් සහිත ස්වභාවය හේතුවෙන් රියදුරුට වාහනය පාලනය කර ගැනීමට දැඩි උත්සාහයක් දැරීමට සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථය බෑවුම් සහිත ප්‍රදේශයක ඉහළට ධාවනය වෙමින් තිබී ඇති අතර, හදිසියේම එහි තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වී තිබේ. ඉන්පසු රථය වේගයෙන් පසුපසට ධාවනය වී ඇති අතර, රියදුරුගේ දක්ෂතාවය මත එය වෙනත් වාහනයක හෝ පදිකයෙකුගේ නොගැටී පසෙක තිබූ බැම්මක (කන්ඩියක) ගැටී නතර වී ඇත. අනතුරත් සමඟ එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද සුළු වේලාවකට බාධා එල්ල විය.
නාවුල පොලිසිය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, වාහනවල කාර්මික දෝෂ පිළිබඳව රියදුරන් වඩාත් සැලකිලිමත් විය යුතු බවට ඔවුන් අනතුරු අඟවයි. විශේෂයෙන්ම කඳුකර සහ බෑවුම් සහිත මාර්ගවල ධාවනය කිරීමේදී තිරිංග පද්ධතියේ නඩත්තුව අත්‍යවශ්‍ය කරුණකි. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම මාර්ගයේ මෙවැනි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත වැටවල් හෝ සංඥා පුවරු ප්‍රමාණවත් නොවන බවයි.














