ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රබලතම වැටලීම් ඒකකයක් වන වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී (ASP) රොහාන් ඕලුගල මහතා නිල වශයෙන් වැඩ භාරගෙන තිබේ.
ස්ථාන මාරුවක් ලැබ මෙම තනතුරට පත්වූ ඒ මහතා, දිවයින පුරා සිදුවන සංවිධානාත්මක අපරාධ, දූෂණ සහ නීතිවිරෝධී ජාවාරම් මර්දනය කිරීමේ මෙහෙයුම් සඳහා ඉදිරියේදී නායකත්වය ලබා දෙනු ඇත. වලාන ඒකකය සැමවිටම රටේ දැඩි අවධානයට ලක්වන ඒකකයක් වන බැවින්, නව අධ්‍යක්ෂවරයා යටතේ ක්‍රියාත්මක වන ඉදිරි මෙහෙයුම් පිළිබඳව බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවේ.














