ඉරානය සමඟ පවතින දරුණු ගැටුම් අතරතුර කුවේටයේ පෝර්ට් ෂුයිබාහිදී දිවි අහිමි වූ අමෙරිකානු සෙබළුන් හයදෙනාගේම අනන්‍යතාව තහවුරු කිරීමට පෙන්ටගනය පියවර ගෙන තිබේ. පසුගිය ඉරිදා අණදෙන මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් මොවුන් මියගිය අතර, මියගිය පිරිස අතර 20 හැවිරිදි තරුණ සෙබළෙකු ද සිටීම විශේෂත්වයකි.
පෙන්ටගනයට අනුව මියගොස් ඇත්තේ රොබට් එම් මර්සාන් (54), මේජර් ජෙෆ්රි ආර් ඕ’බ්‍රයන් (45), කපිතාන් කෝඩි කෝර්ක් (35), සැරයන් නෝවා ටිට්ජෙන්ස් (42), සැරයන් නිකොල් අමෝර් (39) සහ මරණින් පසු විශේෂඥයෙකු ලෙස උසස් කරන ලද සැරයන් ඩෙක්ලන් කෝඩි (20) යන අයයි. මොවුන් සියලු දෙනාම අමෙරිකානු හමුදා රක්ෂිත බලකායේ සාමාජිකයින් වන අතර, මෙම මරණත් සමඟ අමෙරිකාව තුළ යුද්ධයට එරෙහිව පවතින දේශපාලන උණුසුම තවදුරටත් දැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














